Latest News

ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනමක්

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියානු රජය විසින් සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශයට වයස් පදනම් සීමා හඳුන්වා දීමට සලකා බැලිය යුතු බව එරට ප්‍රධාන ආර්ථික උපදේශක වී. ආනන්ත නාගේස්වරන් මහතා පවසයි.

ඒ අනුව සමාජ මාධ්‍ය යෙදුම් භාවිතයෙන් ඇතිවන “ඩිජිටල් ඇබ්බැහිභාවය” පාලනය කිරීම සඳහා වයස් පදනම් සීමා හඳුන්වා දිය යුතු බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

කුඩා වයසේ පරිශීලකයින් සමාජ මාධ්‍යට ඇබ්බැහි වී භාවිතය වැඩි අවදානමකට ලක්වන බැවින් වයස් සීමා පිළිබඳ ප්‍රතිපත්ති සලකා බැලිය යුතු බව ඔහු සඳහන් කර තිබේ.

එසේම කුඩා වයසේ පරිශීලකයින් සමාජ මාධ්‍ය වෙත පිවිසීමේදී එලෙස පිවිසෙන අයගේ වයස් සීමා හඳුනාගැනීමට හා එම වයසට ගැළපෙන වීඩියෝ සහ අනෙකුත් දෑ ප්‍රදර්ශනය කරවීමේ වගකීම සමාජ මාධ්‍ය වේදිකාවලට පැවරිය යුතු බවද ඔහු අවධාරණය කර ඇත.

ඕස්ට්‍රේලියාව පසුගිය වසරේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමෙන් අනතුරුව, ප්‍රංශය වයස 15ට අඩු දරුවන්ට එවැනි තහනමක් හඳුන්වා දීමට නීතිමය පියවර ගෙන ඇති අතර බ්‍රිතාන්‍යය, ඩෙන්මාර්කය සහ ග්‍රීසියද මේ පිළිබඳ අධ්‍යයනය කරමින් සිටී.

කෙසේවෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ, අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය තුළ ප්‍රතිපත්ති සාකච්ඡාවන්හිදී මෙම පියවර පිළිබඳව සලකා බැලෙනු ඇති බවයි.

World News

Send your contact Details Today