Latest News

එක්සත් ජාතීන්ගේ සංවිධානය දැවැන්ත මුල්‍ය අර්බුධයක

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අනතුරු අඟවයි.

ඒ සාමාජික රටවල් නියමිත පරිදි මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් සංවිධානය ඉක්මන් මූල්‍ය බිඳ වැටීමකට ලක්වීමේ අවදානමක් පැවතීම හේතුවෙන්.

ඒ අනුව ලබන ජූලි මාසය වන විට සංවිධානයේ මෙහෙයුම් සඳහා පවතින මුදල් අවසන් විය හැකි බවයි මහලේකම්වරයා විසින් සාමාජික රටවල් 193 වෙත ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට වැඩිම මුදලක් ලබා දෙන අමෙරිකා එක්සත් ජනපදය, එහි නිත්‍ය අයවැය සහ සාම සාධක අයවැය සඳහා මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.

ට්‍රම්ප් පරිපාලනය විසින් එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන 31කින් ඉවත් වීමට සහ මූල්‍ය දායකත්වය නතර කිරීමට ගත් තීරණයයි මීට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන බවයි වාර්තා වන්නේ.

2025 වසර අවසානය වන විට සාමාජික රටවල් ගෙවිය යුතු හිඟ මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.57ක වාර්තාගත අගයක් ගෙන තිබේ.

මෙයින් වැඩිම මුදලක් ගෙවීමට ඇත්තේ අමෙරිකාව වන අතර එය ඩොලර් බිලියන 2.196ක්.

World News

Send your contact Details Today