වෙනිසියුලාව ඛනිජ තෙල් ප්‍රතිසංස්කරණ නීති සඳහා අත්සන් තබා තිබේ.
ඒ වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් විසින්.
අමෙරිකාව විසින් වෙනිසියුලාවට පනවා ඇති සම්බාදක ලිහිල් කර ගැනිමේ අරමුණින් ඛනිජ තෙල් ප්‍රතිසංස්කරණ නීති ඉදිරිපත් කර තිබේ.
වෙනිසියුලාව සතු විශාල ඛනිජ තෙල් සංචිත සඳහා විදේශ ප්‍රවේශය වැඩි කිරිමේ අරමුණින් මෙලෙස නීති ප්‍රතිසංස්කරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
වෙනිසියුලාවේ ඛනිජ තෙල් අංශය ජන සතු අතර නව නීති හරහා පුද්ගලීකරණයට ඉඩ සැලසෙයි.
එය අමෙරිකා ජනාධිපතිවරයාගේ ප්‍රධාන ඉල්ලීමක් ලෙසයි සැලකෙන්නේ.
නව නීති සඳහා අත්සන් තැබීම වෙනිසියුලාවේ ආර්ථිකය සඳහා ධනාත්මක පියවරක් බව වැඩබලන ජනාධිපතිවරයා පවසයි.