එංගලන්ත පල්ලියට නායකත්වය දෙන කැන්ටබරි හි 106 වන අගරදගුරු ලෙස පළමු වරට කාන්තාවක් පත්කර තිබේ.
ඒ ලන්ඩනයේ ශාන්ත පාවුළු ආසන දෙව්මැදුරේ පැවති දේව මෙහෙයේදීයී.
ඒ අනුව මෙලෙස කැන්ටබරි හි පළමු කාන්තා අගරදගුරු තුමිය ලෙස 63 හැවිරිදි සාරා මුල්ලලි මහත්මිය දිවුරුම් දුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
අගරදගුරු පදවිය දරන පුද්ගලයා ජ්‍යෙෂ්ඨතම බිෂොප්වරයා වන අතර පල්ලියේ සහ ලෝක ව්‍යාප්ත ඇංග්ලිකන් හවුලෙහි අධ්‍යාත්මික නායකයා වේ.
මුල්ලලි මහත්මිය මෙම වසරේ මාර්තු මාසයේදී කැන්ටබරි ආසන දෙව්මැදුරේදී සිංහාසනාරූඪ වනු ඇති අතර, එහිදී ඇය අගරදගුරු පදවිය සඳහා සිය පළමු දේශනය පවත්වනු ඇති බවත් එය ඇගේ මහජන දේවසේවයේ ආරම්භය සනිටුහන් කරන බවත් විදෙස් මාධ්‍ය පවසයි.