චීනය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමකට එළැඹීමට කැනඩාවට “කිසිදු අදහසක්” නොමැති බව කැනඩාවේ අගමැති මාර්ක් කාර්නි පැවසීය.
ඒ අනුව මාධ්‍යවේදීන් අමතමින් කාර්නි පැවසුවේ, කැනඩාවේ CUSMA සහ එක්සත් ජනපදයේ USMCA ලෙස හඳුන්වන කැනඩා- එක්සත් ජනප ද-මෙක්සිකෝ වෙළඳ ගිවිසුම යටතේ ඇති බැඳීම්වලට ගරු කරන බවත්, අනෙක් පාර්ශව දෙකට දැනුම් නොදී නිදහස් වෙළඳ ගිවිසුමකට එළැඹීමේ පියවරක් අනුගමනය නොකරන බවයි.
ඔටාවා බීජිං සමඟ “ගිවිසුමක්” ඇති කර ගන්නේ නම්, ට්‍රම්ප් කැනේඩියානු අපනයන සඳහා 100% ක තීරුබදු පනවන බවට තර්ජනය කිරීමෙන් පසුව කාර්නි මෙම ප්‍රකාශය සිදු කිරීම ලෝකයේම අවධානයට යොමු වී තිබීම විශේෂත්වයක්.