Microsoft Team සහ Zoom ඇතුළු එක්සත් ජනපදය පදනම් කරගත් වේදිකා භාවිතය ක්‍රමයෙන් ඉවත් කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ප්‍රංශ රජය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ඒ Visio ලෙස නම් කරන ලද රාජ්‍ය-සංවර්ධිත වේදිකාවට මාරුවීම සඳහායි.
එහි අරමුණ වන්නේ ප්‍රංශයේ ඩිජිටල් ස්වාධීනත්වය නැවත ලබා ගැනීමට සහ විදේශීය නිරීක්ෂණ සහ නීතිමය ප්‍රවේශයෙන් සංවේදී රජයේ දත්ත ආරක්ෂා කිරීමයි.
රාජ්‍ය සේවා සහ රාජ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා අමාත්‍ය නියෝජිත ඩේවිඩ් අමියෙල්,විසින් මෙම පියවර තහවුරු කරන ලදී.
අන්තර් අමාත්‍යාංශ ඩිජිටල් අධ්‍යක්ෂ මණ්ඩලය (DINUM) විසින් සංවර්ධනය කරන ලද Visio, විවෘත මූලාශ්‍ර තාක්‍ෂණය මත පදනම් වන අතර Dassault Systèmes හි අනුබද්ධිත ආයතනයක් වන Outscale විසින් සපයනු ලබන යටිතල පහසුකම් මත සත්කාරකත්වය දරයි.
2027 වසරේ සිට මෙම නව වේදිකාව තුල කටයුතු කිරීමට ප්‍රංශය සූදානම් බවයි එරට මාධ්‍ය වාර්තා පැවසුවේ.