Latest News

ළමුන් අතර HIV ආසාදිතයින් ඉහළ යෑම පිළිබඳව අනතුරු ඇඟවීමක්

Published 2 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානයේ, සින්ද් ප්‍රාන්තයේ ළමුන් අතර HIV ආසාදිතයින් ඉහළ යෑම පිළිබඳව එරට වෛද්‍ය සංගමය “ඉහළ මට්ටමේ අනතුරු ඇඟවීමක්” නිකුත් කර තිබේ.

එම සංගමයට අනුව ලියාපදිංචි HIV-ආසාදිත දරුවන් සංඛ්‍යාව 3,995 ක් බව සඳහන්.

කරච්චිහි පමණක් නව සිදුවීම් 100 කට වඩා අනාවරණය වී තිබෙන බවයි නවතම වාර්තා පවසන්නේ.

මෙම ඛේදවාචකය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් පමණක් නොව එය පාකිස්තානයේ සමාජ ආර්ථික යහපැවැත්මට පූර්ණ තර්ජනයක් බව වෛද්‍ය සංගමය පෙන්වාදී තිබේ.

ව්‍යාජ සායන සහ නීති විරෝධී රුධිර බැංකු මර්දනය කිරීමත් සමඟ ආසාදන පාලන පියවර දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස ආයතනය ඉල්ලා සිටියි.

World News

Send your contact Details Today