ශ්‍රී ලංකා පොලීසියේ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා, වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ.
ඒ ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්වයි.
රොහාන් ඕලුගල මේවන විට කටයුතු කරන්නේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙසයි.
විදෙස් ගතව සැඟව සිටි සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පිරිසක් වන කෙහෙල් බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, ඉෂාරා සෙව්වන්දි පසුගිය කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ මෙහෙයුම්වලට සෘජුව දායකත්වය ලබා දුන්නේ, රොහාන් ඕලුගල මහතායි.