Latest News

ස්පාඤ්ඤයේ සිටින සංක්‍රමණිකයින්ට සුබ පණිවිඩයක්

Published 2 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලේඛනගත නොකළ සංක්‍රමණිකයින් ලක්ෂ 5කට නීත්‍යානුකූල තත්ත්වයක් ලබා දීමට ස්පාඤ්ඤය සැලසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ස්පාඤ්ඤ රජය විසින් ලේඛනගත නොකළ සංක්‍රමණිකයින්ගේ තත්ත්වය නීතිගත කිරීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කරමින්.

අපරාධ වාර්තාවක් නොමැති හා පසුගිය වසරේ දෙසැම්බර් 31වනදා ට පෙර මාස පහක් ස්පාඤ්ඤයේ ජීවත් වූ බව ඔප්පු කළ හැකිනම් ඔවුන්ට මෙම අවස්ථාව උදාවන බව සඳහන්.

එමගින් සංක්‍රමණිකයින්ට වසරක ආරම්භක පදිංචි බලපත්‍රයක් ලබා දෙන අතර එය පසුව දීර්ඝ කළ හැකියි.

ඉල්ලීම් යොමු කිරීම අප්‍රේල් මාසයේ ආරම්භ වීමට නියමිත අතර සමස්ත ක්‍රියාවලිය ජුනි මස අවසානය දක්වා විවෘතව පවතිනු ඇති.

ස්පාඤ්ඤයේ ලේඛනගත නොකළ සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව 2017වසරේ දී 107,409 සිට 2025වසර වනවිට 837,938 දක්වා ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

World News

Send your contact Details Today