Latest News

“චන්ද්‍රා” එංගලන්තය අසරණ කරයි

Published 2 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

“චන්ද්‍රා” කුණාටුව හේතුවෙන් එක්සත් රාජධානියට තද වැසි සහ ගංවතුර හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මේ හේතුවෙන් මාර්ග වසා දැමීම්, දුම්රිය ප්‍රමාද වීම් මෙන්ම ගුවන් ගමන් අවලංගු කිරීම් හමුවේ ප්‍රදේශ රැසක ගමනාගමනයට බාධා ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම වසරේ එක්සත් රාජධානියට බලපෑ තුන්වන කුණාටුව ලෙසයි මෙය හැඳින්වෙන්නේ.

එමෙන්ම එංගලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ සමහර ප්‍රදේශවල පාසල් වසා දමා තිබේ.

පැයට සැතපුම් 80 ක පමණ වේගයෙන් සුළං හැමීම සිදු වන අතර දහස් ගණනකට විදුලිය විසන්ධි වී තිබෙන බව ද සඳහන්.

මේ වනවිට එංගලන්තයේ, ස්කොට්ලන්තයේ සහ වේල්සයේ සමහර ප්‍රදේශවල සුළඟ, වැසි සහ හිම සඳහා කහ අනතුරු ඇඟවීම් ද බෙල්ෆාස්ට් ඇතුළු උතුරු අයර්ලන්තයේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සුළං සඳහා ඇම්බර් අනතුරු ඇඟවීමක් ද ක්‍රියාත්මකයි.

මේ අතර ගංවතුරට හසුව සිරවී තිබූ වාහන 25 කින් පුද්ගලයින් බේරා ගත් බව ඩෙවොන් සහ සමර්සෙට්හි ගිනි නිවන භටයින් පැවසුවේය.

World News

Send your contact Details Today