Google සමාගමේ Gemini කෘතිම බුද්ධි (AI) තාක්ෂණය ඇතුළත් කර, ඇපල් (Apple) සමාගම සිය Siri විශේෂාංගය වඩාත් දියුණු මට්ටමකට පත් කරමින් එළිදැක්වීමට සූදානම් වන බව බ්ලූම්බර්ග් (Bloomberg) පුවත් සේවය වාර්තා කරයි.
ඒ අනුව Apple සහ Google අතර ඇති වූ නව හවුල්කාරිත්වයේ ප්‍රතිඵල ලබන පෙබරවාරි මාසයේ ලොවට අනාවරණය කිරීමට නියමිත බවයි Bloomberg හි තාක්ෂණික වාර්තාකරු පවසන්නේ.
මෙහිදී Gemini තාක්ෂණය හරහා Siri වඩාත් බුද්ධිමත් ලෙස ක්‍රියා කරන ආකාරය පිළිබඳ ප්‍රායෝගික දර්ශන (Demonstrations) ඉදිරිපත් කිරීමට ඇපල් සමාගම සැලසුම් කර තිබේ.
මෙම නව Siri විශේෂාංගය පළමුවෙන්ම iOS 26.4 මෘදුකාංග සංස්කරණය හරහා පෙබරවාරි මාසයේදී පරීක්ෂණ මට්ටමින් (Beta Testing) නිකුත් කෙරෙනු ඇති.
එහි පොදු භාවිතය මාර්තු හෝ අප්‍රේල් මුලදී ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.
නව Siri සහායකයා ChatGPT වැනි AI Chatbot එකක් ලෙස ක්‍රියා කරනු ඇති බව සඳහන්.