අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුතු ගාසා සාම මණ්ඩලයට පාකිස්තානය එක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුගියදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ලෝක ආර්ථක සමුළුවට සමාගමීව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගාසා සාම මණ්ඩලය ප්‍රකාශයට පත් කල අතර, ඒ අනුව පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් එම ප්රඥප්තියට අත්සන් තබමින් පාකිස්තානයේ එක්වීම සහතික කළ බව සඳහන්.
පාකිස්තානය සමඟ ආජෙන්ටිනාව, බහරේනය, හංගේරියාව, ඉන්දුනීසියාව, ජෝර්දානය, කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් 19ක් ගාසා සාම මණ්ඩලයට එක්වී සිටියි.
එසේ වුවත් ට්‍රම්ප්ගේ ගාසා සාම මණ්ඩලය පලස්තීනයේ ස්වයං පාලනය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ භූමිකාව දුර්වල කිරීමට හේතුවනු ඇතැයි කියමින් ඊට පාකිස්තානය එක්වීම එරට විපක්ෂයේ මෙන්ම හිටපු රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ දැඩි විවේචනයට ලක්වී ඇතැයි ද වාර්තා වේ.
ගාසා සාම මණ්ඩලය මඟින් එම කලාපයේ පාලනය, ආරක්ෂාව සහ ප්‍රතිසංස්කරණය බාහිර පාර්ශ්ව අතට පත් කර ඇතැයි චෝදනා එල්ල වී ඇති අතර, පලස්තීනුවන්ගේ ස්වයං අයිතියට තර්ජනයක් බව ද ප්‍රකාශ කර තිබේ.