Latest News

අමෙරිකාවේ සීතලට මියගිය ගණන ඉහළට

Published 4 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 29 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එමෙන්ම අමෙරිකාවේ මිලියනයකට වැඩි පිරිසකට විදුලිබලය ඇණහිට ඇති අතර මිලියන 200ක පමණ පිරිසක් හිම කුණාටු තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව සිටින බවයි වාර්තා වන්නේ.

ගුවන් ගමන් වාර දහසකට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ.

නිව්යෝර්ක් ඇතුලු ප්‍රධාන පෙලේ නගර රැසක් ඝන හිම තට්ටුවකින් වැසි ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව අගල් 20ක පමණ ඝන හිම තට්ටුවකින් ප්‍රදේශ ආවරණය වී ඇති ආකාරය ද දක්නට ලැබේ.

එමන්ම මහාමාර්ග අයිස් තට්ටුවකින් ආවරණයවීමත් සමග වහාන ගමනාගමනට දැඩි බාධා එල්ල වී ඇති බවයි බලධාරීන් සඳහන් කරන්නේ.

විදුලි බලය ඇණ හිටිමෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති අතර තම නිවෙස් තුළට වී අධික ශීත කාලගුණයට මුහුණදීමට සිදුවී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

World News

Send your contact Details Today