Latest News

ලසිත් මාලිංගගේ කොන්ත්‍රාත්තු කාලය ගැන නැවත සලකා බලන්න යයි

Published 4 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු සහ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ලසිත් මාලිංගගේ මාසයක කොන්ත්‍රාත්තු කාලය ඊයේ දිනයෙන් අවසන් වී තිබේ.

කෙසේවෙතත් එම කොන්ත්‍රාත්තු කාලය විස්සයි විස්ස ලෝක කුසලානය අවසන් වන තෙක් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරිය ද ලසිත් මාලිංගගෙන් ඉල්ලා ඇත්තේ සිය කොන්ත්‍රාත්තු කාලය දීර්ඝ කර ගන්නා ලෙසයි.

ඒ ලසිත් මාලිංග එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සහායක කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත්කර ගැනීම වෙනුවෙන් බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today