Latest News

කොල්ලුපිටියේ වෙඩි තැබීම පාතාල කල්ලි ගැටුමක් – සියලු රහස් හෙළිවේ

Published 5 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොල්ලුපිටියේ ‘Yamaha’ මියුසික් ආයතනය වෙත වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කිරීමේදී හෙළිවී ඇත්තේ එම වෙඩි තැබීම කර ඇත්තේ එම ආයතනයට නොව ඊට පිටුපසින් පිහිටි ‘කාෂ්මීර්’ රාත්‍රී සමාජ ශාලාව වෙත බවය.

එම සමාජ ශාලාව විදෙස් ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මාළිගාවත්තේ චමිලට අයිති බවත් ඒ නිසා ඔහුට විරුද්ධ පාර්ශවයක් වන වැල්ලේ සාරංග සහ රූබන් පාර්ශවය විසින් සිදුකරන්නට ඇති බවත් සැකකරයි.

මීට සතියකට පෙර චමිලගේ ගෝලයන් දෙදෙනකු අත් අඩංගුවට ගත් මොහොතේ සැකකරුවන් පවසා අත්තේ වැල්ලේ සාරංගගේ සමීපතමයෙක් වන නාරහේන්පිට අමිල ඝාතනය සඳහා කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බවය.

මෙම සිදුවීමට අමතරව පසුගිය කාලයේ මෙම කාශ්මීර් සමාජ ශාලාව ගිනි තබා ඇති අතර එයට වැල්ලේ සාරංගගේ ගෝලයන් දෙදෙනකු හසුව ඇත.

කෙසේ වෙතත් එළඹෙන සතියේ එම සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත අතර සමාජ ශාලාවේ ආරක්ෂකයන් හඳුනා ගැනීම සඳහා ඉදිරිපත් වීමට නියමිතව ඇත.එය වලක්වාලීමේ අපේක්ෂාවෙන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය සැක කරයි.

World News

Send your contact Details Today