Latest News

බංගලියෝ ක්‍රිකට් කවුන්සිලයට හිස නමයි

Published 5 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය(ICC) ගත් තීරණය පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් මාධ්‍ය කමිටු සභාපති අම්සාඩ් හුසේන් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඒ ඊයේ ඩකා නුවරදී බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඒ අනුව එම තීරණයට අභියෝග නොකරන බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තීරණය පිළිගන්නා බවත් ඔහු පවසයි.

ආරක්ෂක හේතූන් මත බව පවසමින් බංග්ලාදේශය මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාවේ සංචාරය කිරීම පසුගියදා ප්‍රතික්ෂේප කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් බංග්ලාදේශය ක්‍රීඩා කරන තරග ඉන්දියාවෙන් පිටත රටකදී සහභාගී වීමට අවස්ථාව ලබා දෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, තරගාවලියේ තරග කාලසටහනේ වෙනසක් සිදු නොකරන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ.

බංග්ලාදේශයට සිය අවසන් තීරණය ගැනීමට නිශ්චිත කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලබා දුන් අතර, බංග්ලාදේශය පැවසුවේ තම කණ්ඩායම ඉන්දියාවේදී තරග නොකිරීමේ ස්ථාවරයේ වෙනසක් නොමැති බවයි.

ඒ අනුව මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය කළේය.

World News

Send your contact Details Today