Latest News

මැතිවරණයට මාලදිවයිනේ ටික්ටොක් තරගයක්

Published 7 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මාලදිවයිනේ ලබන අප්‍රේල් 4 වන දින පැවැත්වීමට නියමිත පළාත් පාලන සහ කාන්තා සංවර්ධන කමිටු මැතිවරණයට එරට මැතිවරණ කොමිෂන් සභාව විසින් Tik Tok තරගයක් පවත්වන බව නිවේදනය කර තිබේ.

ඒ එරට මැතිවරණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහායි.

ඒ අනුව ‘රෂුගේ කුරිමගේ’ හෙවත් ‘දූපතේ අනාගතය’ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම තරගය සඳහා එක්වීමට අයදුම්පත් දැන් විවෘතව පවතියි.

මෙම තරගය සඳහා වන නීති රීති ප්‍රකාශයට පත් කර ඇති අතර, වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම අයෙකුට මේ සඳහා සහභාගී විය හැකියි.

තරගය සඳහා ඉදිරිපත් කළ යුතු වීඩියෝ නිර්මාණ පහත සඳහන් මාතෘකා ඔස්සේ සකස් විය යුතුයි.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය වන නිල ලේඛන, මැතිවරණවලදී තහනම් කර ඇති ක්‍රියාකාරකම්, දිවයිනේ හෝ නගරයේ මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ වැදගත්කම, මැතිවරණ කාලසීමාවේදී තොරතුරු ලබා දීමේ වැදගත්කම සහ විවිධ මූලාශ්‍රවලින් ලැබෙන තොරතුරු තහවුරු කර ගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරෙන බවයි මාලදිවයින් මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත්තේ.

තරගයට සහභාගී වීමට කැමති පුද්ගලයින් තම වීඩියෝ නිර්මාණ ජනවාරි 31 වන එවිය යුතු වේ.

මෙමම තරගයේ ජයග්‍රාහකයින් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් වටිනා මුදල් ත්‍යාග පිරිනමනු ලබන අතර ප්‍රථම ස්ථානයට මාලදිවයින් රුෆියා (MVR) 5000, දෙවන ස්ථානයට මාලදිවයින් රුෆියා (MVR) 3000ක් ද තෙවන ස්ථානයට මාලදිවයින් රුෆියා (MVR) 2000ක් ද ලබාදීමට නියමිතයි.

World News

Send your contact Details Today