Latest News

බහින් බස් වීමක්, සමූහ වෙඩි තැබීමක් දක්වා දුර දිග යයි – 05 දෙනෙකු රෝහලට

Published 7 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී. හි පොදු බස් රථයක ඇති වූ බහින්බස් වීමක් ප්‍රචණ්ඩකාරී වෙඩි තැබීමක් දක්වා දුරදිග ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම සිදුවීම ඊයේ ( 22) අධික රථවාහන තදබදයක් පවතින සවස් කාලයේදී සිදුව ඇති අතර පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා තිබෙන බව සඳහන්.

වෙඩි තැබීමෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු සහ වැඩිහිටියන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව මෙට්‍රොපොලිටන් පොලිසිය තහවුරු කරයි.

තුවාල ලැබූ කිසිවෙකුගේ තත්ත්වය මාරාන්තික නොවන බවත්, ඔවුන් සියලු දෙනාම මේ වන විට ප්‍රතිකාර සඳහා ප්‍රදේශයේ රෝහල් වෙත ඇතුළත් කර ඇති බවත් සඳහන්.

වෙඩි තැබීමෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙන අතර ඔහු මුහුණු ආවරණයක් සහ කළු සහ සුදු පැහැති පිජාමා කලිසමක් පැළඳ සිටි අයෙකු බවට හඳුනාගෙන ඇතත්, බ්‍රහස්පතින්දා රාත්‍රිය වන තෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.

වෙඩි වැදුණු සමහර පුද්ගලයින් මෙම ආරවුලට සම්බන්ධ නොමැති බවයි පොලිසිය පවසන්නේ.

ඔවුන් අහඹු ලෙස මෙයට ගොදුරු වූවන් විය හැකි නමුත් මෙම ආරවුලට හේතුව කුමක්ද යන්න හෝ සම්බන්ධ වූ පුද්ගලයින් එකිනෙකා හඳුනන්නේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

බස් රථය තුළ ආරක්ෂිත කැමරා දර්ශන නොමැති බවද පොලිසිය සඳහන් කරන අතර පරීක්ෂණ කටයුතු සහ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

World News

Send your contact Details Today