Latest News

ඔසී දිනයට ප්‍රහාරයක් සුදානම් කළ සිසුවා අල්ලයි

Published 8 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Australia Day උත්සවයකට Molotov ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට 24 හැවිරිදි සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Sepehr Saryazdi නම් ඔහු, Gold Coast ප්‍රදේශයේ සඳුදා සැමරුම් උත්සවයක් ඉලක්ක කරගෙන මෙය සැලසුම් කර ඇති බවයි එරට පොලීසිය පවසන්නේ.

ඔහු සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ගණිත විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමි අයෙක් වනවා.

ප්‍රහාරය සඳහා මත්පැන් බෝතල්, wrapping paper සහ (blanket) බ්ලැන්කට් මිලදීගෙන ඇති බවත්, සමාජ මාධ්‍ය හරහා ජනවාරි 26 වන දින ගෝල්ඩ් කෝස්ට් කෝලාහලයට “Australia Day riots”හි නායකත්වය දෙන බවට පණිවිඩ දමා ඇති බවටත් අධිකරණයට සාක්ෂි ඉදිරිපත් වී තිබේ.

රජය “කෲර ලෙස හැරෙමින් පවතින” බවත්, AI හා දත්ත මත පදනම් වූ නව ආණ්ඩු ක්‍රමයක් පිහිටුවීමට අවශ්‍ය බවයි ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ පවසා ඇත්තේ.

ත්‍රස්තවාදී ක්‍රියාවක් සූදානම් කිරීම හෝ සැලසුම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සාරියාස්ඩි ඊයේ (22) බ්‍රිස්බේන් මහේස්ත්‍රාත් අධිකරණයේ ඇප ඉල්ලා සිටියේය.

විනිසුරුවරයා විසින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, පෙබරවාරි 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

World News

Send your contact Details Today