බංග්ලාදේශ සම්භවයක් ඇති හින්දු භක්තිකයන් සිය ගණනක් ලන්ඩනයේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ.
ඒ බංග්ලාදේශයේ සිදුවන හින්දු ජන සංහාරය හෙළා දැකීමට පියවර ගන්නා ලෙස, අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර්ගෙන් ඉල්ලමින්.
විරෝධතාවය සංවිධානය කර තිබුණේ බංග්ලාදේශ හින්දු සංගමය විසින්.
එහි ප්‍රධාන ලේකම් අලක් චන්දා පැවසුවේ 1947 දී බංග්ලාදේශයේ ජනගහනයෙන් 30% සිට 40% දක්වා ප්‍රමාණයක් හින්දු භක්තිකයන් වූ බවයි.
එම ප්‍රතිශතය මේ වනවිට 7% දක්වා අඩුවී තිබේ.
අන්තර්කාලීන රජය බලයට පත්වීමෙන් පසු බංග්ලාදේශයේ නීතිය හා සාමය, භාෂණයේ නිදහස සහ මානව හිමිකම් නොමැති බව ද ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බව ද ඔවුන් ඉල්ලීමක් කර ඇත.
එමෙන්ම බේසිංස්ටෝක්හි කම්කරු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලූක් මර්ෆි ද විරෝධතාකරුවන් සමඟ එක් වී සිටියේය.
ඔහු පැවසුවේ බංග්ලාදේශයේ හින්දු භක්තිකයන්ට සිදුවන හිංසා පීඩා සහ ඝාතන පිළිබඳව කනස්සල්ලට පත්ව සිටින බොහෝ ඡන්දදායකයින් තමා සමග එක්ව සිටින බවයි.
කම්කරු රජය මෙම ගැටලුව සම්බන්ධයෙන් කටයුතු කර ඇති අතර බංග්ලාදේශයේ සහ වෙනත් තැන්වල සුළු ජාතීන් ආරක්ෂා කිරීම සහතික කිරීම සඳහා යෝජනාවක් සඳහා දිගටම බලපෑම් කරනු ඇතැයි ද ඔහු පැවසීය.