Latest News

GMOA වර්ජනයෙන් වෛද්‍යවරුන් පිරිසක් ඉවත්වෙයි

Published 8 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් අද (23) ශ්‍රී ලංකාව පුරා රෝහල්වල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සිදු කිරීමට තීරණය කළේය.

කෙසේවෙතත් මේ සඳහා තමන් සහභාගී නොවන බව වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය (AMS) නිවේදනය කර තිබේ.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයක් දියත් කරන බවට මාධ්‍ය වාර්තා පළ වුවද, තම සංගමයට අයත් විශේෂඥ වෛද්‍යවරුන් සුපුරුදු පරිදි රාජකාරි කටයුතුවල නිරත වන බවයි එම සංගමය අවධාරණය කළේ.

විශේෂඥ වෛද්‍යවරුන් මුහුණ දෙන දීර්ඝකාලීන ගැටලු විසඳීමට රජය ගෙන යන වැඩපිළිවෙළ පමා කරන හෝ අඩාල කරන ඕනෑම ක්‍රියාවකට තම සංගමය දැඩි ලෙස විරුද්ධ වන බවද ඔවුන් සඳහන් කරයි.

එමෙන්ම එවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් වෛද්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය බිඳ වැටී රෝගී සත්කාරක සේවාවල ගුණාත්මකභාවයට හානි විය හැකි බවටයි ඔවුන් අනතුරු අඟවා ඇත්තේ.

වෘත්තීය සහ සේවා සම්බන්ධ ගැටලු විසඳා ගැනීමට වඩාත්ම වගකීම් සහගත සහ ඵලදායී ක්‍රමය වන්නේ සාකච්ඡා මාර්ගයෙන් සම්මුතීන්ට එළඹීම බව තම සංගමය දැඩිව විශ්වාස කරන බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් පවසා තිබේ.

World News

Send your contact Details Today