Latest News

‘ටික්ටොක්’ එකේ කොටසක් ට්‍රම්ප් වෙන්දේසි කරයි

Published 8 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාව සහ චීනය අතර දේශපාලන හා තාක්ෂණික අර්බුදයකට තුඩු දී තිබූ ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය ජාලයේ අනාගතය පිළිබඳ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීම මත ටික්ටොක්හි අමෙරිකානු මෙහෙයුම් පාලනය අමෙරිකානු ආයෝජක කණ්ඩායමක් වෙත පැවරීමට දෙරටම එකඟ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගිවිසුම යටතේ TikTok USDS Joint Venture LLC නමින් නව සමාගමක් පිහිටුවනු ලබයි.

ඒ හරහා අමෙරිකානු පරිශීලකයින්ගේ දත්ත ආරක්ෂාව, ඇල්ගොරිදම් (Algorithm) සුරක්ෂිතතාව සහ අන්තර්ගතයන් නියාමනය කිරීම සිදු කරනු ඇති.

කෙසේවෙතට් TikTok චීන මව් සමාගම වන බයිට්ඩාන්ස් (ByteDance) සතුව පැවති අයිතිය සියයට 19.9 දක්වා අඩු කර ඇති අතර, ඉතිරි බහුතර අයිතිය අමෙරිකානු ආයෝජකයින් සතුයි.

එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ MGX ආයෝජන සමාගම, ඔරකල් (Oracle), සිල්වර් ලේක් (Silver Lake) සහ මෙහි ප්‍රධාන කොටස්කරුවන් වේ.

නව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඇඩම් ප්‍රෙසර් (Adam Presser) පත් කර ඇති අතර, අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරය අමෙරිකානුවන්ගෙන් සමන්විතයි.

අමෙරිකානු පරිශීලකයින් මිලියන 200කගේ දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් පැවති ගැටලුවලට පිළියම් ලෙස, සියලුම අමෙරිකානු දත්ත ඉදිරියට ගබඩා කරනු ලබන්නේ ඔරකල් (Oracle) සමාගමේ ක්ලවුඩ් (Cloud) පද්ධතිය තුළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

World News

Send your contact Details Today