Latest News

‘වසවිස’ ගත්ත බස් රියදුරන් 10ක් මාට්ටු

Published 8 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පසුගිය 21 වැනිදා සිට මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන මගී බස් රථ රියදුරන් සහ රිය සහායකයින් හඳුනා ගැනීම සඳහා කොළඹ බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පොළේදී ජංගම රසායනාගාරය ආරම්භ කෙරිණ.

එහිදී අහඹු ලෙස තෝරාගත් රියදුරන් 56 දෙනා අතුරින් 10 දෙනෙකු විෂ සහිත මත්ද්‍රව්‍ය භාවිත කර තිබෙන බවට හෙළිවූ බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

මෙලෙස හඳුනාගත් බස් රියදුරන් 10 දෙනා අයිස්, හෙරොයින්, ගංජා යන විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට මූලික මුත්‍රා සාම්පළ පරීක්ෂාවේදී තහවුරු වූ බවත් ඒ අනුව අදාළ රියදුරන් ඉදිරි නෛතික කටයුතු සඳහා යොමු කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා පැවසුවේ අහඹු ලෙස තෝරාගන පරීක්ෂා කළ මෙම මෙහෙයුම මගින් බස් රථ රියදුරන් 10 දෙනෙකු විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළි වීම සංකීර්ණ තත්ත්වයක් බවයි.

එමෙන්ම බස්නාහිර පළාත තුළ ආරම්භ කළ මෙම පරීක්ෂා කිරීම ඉදිරියේදී දිවයින පුරා පූර්ව දැනුම්දීමකින් තොරව සිදුකරන බවත්, නිරන්තරයෙන් මෙම වැටලීම් සිදුකරන බවත් වැටලීම් ප්‍රමාණාත්මකව වැඩි කිරීමටද කටයුතු කරන බවත් අමත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

World News

Send your contact Details Today