Latest News

Apple සීරීගේ මීළඟ පෙරළිකාර විප්ලවය මෙන්න

Published 8 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිය සුප්‍රසිද්ධ ‘සිරි’ (Siri) ඩිජිටල් සහායකයා සම්පූර්ණයෙන්ම නවීකරණය කරමින්, එය කෘත්‍රිම බුද්ධි (AI) චැට්බොට් එකක් බවට පත් කිරීමට ඇපල් සමාගම සූදානම් වන බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි.

Campos’ යන රහස් නාමයෙන් හඳුන්වන මෙම නව AI චැට්බොට් එක iPhone, iPad සහ Mac මෙහෙයුම් පද්ධති තුළට ඉතා ගැඹුරින් ඇතුළත් කිරීමට නියමිතයි.

එය දැනට පවතින ‘සිරි’ අතුරුමුහුණත (Interface) සම්පූර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය කරනු ඇති.

AI තරඟයේ ඉදිරියට ඒම සඳහා ඇපල් සමාගම පසුගියදා ගූගල් සමාගම සමඟ විශේෂ ගිවිසුමකට එළඹුණි.

ඒ අනුව ගූගල් හි ප්‍රබලතම Gemini 3 මාදිලියට සමාන උසස් තාක්ෂණයක් ‘Campos’ සඳහා යොදා ගැනෙයි.

මෙය ඇපල් සමාගම තුළ ‘Apple Foundation Models version 11’ ලෙස හඳුන්වයි.

මෙම නව චැට්බොට් එක හඬ (Voice) මගින් මෙන්ම ටයිප් කිරීම (Typing) මගින්ද ක්‍රියාත්මක කළ හැකියි.

ඇපල් සමාගම මීට පෙර හඳුන්වා දුන් ‘Apple Intelligence’ විශේෂාංගයට වඩා මෙය ඉතා දියුණු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

මේ අතර, ඇපල් සමාගම විසින් කැමරා කිහිපයක්, ස්පීකර් සහ මයික්‍රොෆෝන සහිත, ඇඳුමේ පැළඳිය හැකි (Wearable Pin) නවතම AI උපකරණයක් නිපදවමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

මෙය 2027 වසරේදී වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

World News

Send your contact Details Today