Latest News

අමෙරිකාවෙන් පැහැරගත් බවට වාර්තා වූ තෙල් නැව වෙනත් තැනකින් මතුවෙයි

Published 9 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වෙනිසියුලාවට එරෙහි මෙහෙයුම් යටතේ ඇමරිකානු අත්අඩංගුවට ගත් තෙල් නැව් දෙකක්, ඊයේ (21) පුවර්ටෝ රිකෝ දූපත අසලදී දක්නට ලැබුණු බව Tankertrackers.com දත්ත උපුටා දක්වමින් විදෙස් පුවත් වාර්තා කරයි.

මෙම නැව් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඒවා පිළිබඳ තොරතුරක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

ඒවායේ ගමනාන්තය පිළිබඳව මෙයින් ඉඟියක් ලැබෙන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මෙලෙස දක්නට ලැබී ඇත්තේ ජනවාරි 7 වන දින වෙනිසියුලානු තෙල් ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් M Sophia නම් සුපිරි තෙල් නැව සහ මීට පෙර වෙනිසියුලානු තෙල් ප්‍රවාහනය කළ, පසුගිය සතියේදී හිස්ව තිබියදී අත්අඩංගුවට ගත් Galileo හෙවත් පෙර Veronica නම් වූ නැවයි.

මෙම නැව් දෙක ඇතුළුව වෙනිසියුලානු තෙල් අපනයනයට සම්බන්ධ නැව් 07ක් පසුගිය සති කිහිපය තුළ අමෙරිකානු හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය විසින් කැරිබියන් මුහුදේදී අත්අඩංගුවට න තිබුණි.

නැව්වල පිහිටීම පෙන්වන සංඥා ක්‍රියාත්මක කර නොතිබූ බැවින් ඊයේ තෙක් ඒවා තිබූ ස්ථානයක් අනාවරණය වී නොතිබුණි.

අත්අඩංගුවට ගත් අනෙක් නැව් 5 මේ වන විට ඇමරිකානු ගල්ෆ් වෙරළ තීරය, වෙනිසියුලානු මුහුදු සීමාව සහ ස්කොට්ලන්තය ආශ්‍රිතව පවතින බව සඳහන්.

ජනවාරි 3 වන දින වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීම ඇතුළු මෙම මැදිහත්වීම් මත්ද්‍රව්‍ය ජාවාරම නැවැත්වීම සඳහා සිදු කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත්, වොෂින්ටනයේ සැබෑ අරමුණ වන්නේ වෙනිසියුලානු රජය මෙහෙයවීම සහ අඩපණ වී ඇති එරට තෙල් ක්ෂේත්‍රය ඇමරිකානු සමාගම් යොදවා යළි ගොඩනැගීමයි.

ට්‍රම්ප් විසින් පනවා ඇති අවහිර කිරීම් හේතුවෙන් දෙසැම්බර් මාසයේදී තෙල් අපනයනය සම්පූර්ණයෙන්ම පාහේ නැවතී තිබුණි.

ජනවාරි මාසයේදී ඇමරිකානු අධීක්ෂණය යටතේ යළි ආරම්භ වුවද තෙල් බැරල් මිලියන ගණනක් තවමත් ගබඩාවල ඉතිරිව පවතියි.

තෙල් වෙළඳාමට සම්බන්ධ තවත් නැව් දුසිම් ගණනක් අත්අඩංගුවට ගැනීම සඳහා ඇමරිකානු රජය අධිකරණ වරෙන්තු ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බවයි වාර්තාවල දැක්වෙන්නේ.

මේ සතියේදී Sagitta නම් නෞකාව ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙම ‘සෙවනැලි නෞකා සමූහයට’ අයත් බොහෝ නැව් වසර 20කට වඩා පැරණි ඒවායි.

කර්මාන්තයේ සම්මතය වන වසර 15 ඉක්මවා යාම නිසා ඒවායෙන් විශාල පරිසර හානියක් සිදුවීමේ අවදානමක් ද පවතියි.

මෙම නැව්වලට නිසි ආරක්ෂක සහතික හෝ රක්ෂණ ආවරණ නොමැති බැවින් ගැටීමක් හෝ තෙල් කාන්දුවක් වුවහොත් වගකීම් පැවරීම ඉතා අපහසු බව විශේෂඥයෝ පෙන්වා දෙනු ලබයි.

බ්ලැක්ස්ටෝන් කම්ප්ලයින්ස් සර්විසස් හි අධ්‍යක්ෂ ඩේවිඩ් ටැනෙන්බෝම් පවසන්නේ මෙම නැව් අතිශයින්ම අනාරක්ෂිත බවත්, ඒවායේ කාර්ය මණ්ඩලය අයහපත් තත්ත්ව යටතේ සේවය කරන බවයි.

මෙම නැව් අත්අඩංගුවට ගැනීම සම්බන්ධ නීතිමය කටයුතු විසඳීමට මාස කිහිපයක් හෝ වසර කිහිපයක් ගතවිය හැකි බව ද සඳහන්.

World News

Send your contact Details Today