2025 වසර රෝමයේ සංචාරක කර්මාන්තය සඳහා තවත් වාර්තාගත වසරක් විය.
ඒ අනුව ඉතාලි අගනුවරට සංචාරකයින් මිලියන 22.9 ක් ආකර්ෂණය වූ අතර මුළු රාත්‍රී නවාතැන් මිලියන 52.92 ක් වූ බවයි නවතම දත්තවලින් පෙන්වා දෙන්නේ.
ලාසියෝ ද්විපාර්ශ්වික සංචාරක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වාර්තාවෙන් හෙළි වූයේ පසුගිය වසරේ රෝමයට ගිය අයගෙන් මිලියන 12 ක් පමණ විදේශයන්ගෙන් පැමිණි අය බවයි.
එය 2024 ට සාපේක්ෂව සංඛ්‍යා සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කරන බව ද අදාළ වාර්තාවේ සඳහන්.
සෑම වසර 25 කට වරක් රෝමයේ පැවැත්වෙන ශුද්ධ උත්සවයක් වන වතිකානුවේ ජුබිලි වර්ෂය සමඟ අමුත්තන් සංඛ්‍යාවේ වැඩිවීම සමපාත වී ඇත.