දකුණුදිග පාකිස්තානයේ බලුකිස්තාන ප්රාන්තයේදී රජයේ හමුදාව සහ බලුකිස්තාන විමුක්ති පෙරමුණ අතර සිදුවූ ගැටුම්වලින් හමුදා සෙබළුන් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි බලුකිස්තාන පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය.
එම ප්‍රාන්තයේ කාරන් දිස්ත්රික්කයේ පසුගියදා එම ගැටුම් සිදුවී ඇති අතර, පැය 9කට අධික කාලයක් දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුව සිදුවූ බව ද වාර්තා වේ.
නිවේදනයක් නිකුත් කරමින් බලුකිස්තාන විමුක්ති පෙරමුණ ප්‍රකාශ කර ඇත්තේ රජයේ හමුදාවට එරෙහිව සිදු කළ යුද ගැටුම්වලින් සිය සංවිධානයේ සාමාජිකයන් සිවුදෙනකු ජීවිතක්ෂයට පත්වූ බවය.
එම නිවේදනයට අනුව බලුකිස්තාන විමුක්ති පෙරමුණ කාරන් නගරයේ පොලිස් ස්ථානය අත්පත් කරගෙන ඇතැයි ද, පොලිස් නිලධාරීන් ප්‍රාණ ඇපයට ගෙන ඇතැයි ද සඳහන් වන අතර, අවි ආයුධ තොගයක්ද සංවිධානය භාරයට ගෙන ඇතැයි ද වාර්තා වේ.
එම සංවිධානයට අයත් තවත් කණ්ඩායමක් නගරයේ බැංකු කිහිපයකට ප්‍රහාර එල්ල කළ බව එම නිවේදනයේ සඳහන් වී ඇතැයි බලුකිස්තාන පෝස්ට් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.