Latest News

41 වන ලෝක විවාහක රූ රැජින තරගයට ලංකාවෙන් සබීනා යයි

Published 10 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහා සබීනා යූසෆ් මහත්මිය අද (21) අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ.

එය අමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලිය ලෝකයේ රටවල් 60කට අධික රූ රැජිනියන් පිරිසකගේ සහභාගීත්වයෙන් හෙට (22) දින සිට එළැඹෙන 29 වන දින දක්වා පැවැත්වේ.

ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ, ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක, භාෂා සහ පෞරුෂත්ව පුහුණුකරු තාරක ගුරුකන්ද සහ පසුගිය 2024 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් ඉෂාදි අමන්දා ඇතුළු සබීනාගේ ඥාතී මිත්‍රාදීන් විශාල පිරිසක් ද සබීනා යූසෆ් මහත්මියට සුබ පැතීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

World News

Send your contact Details Today