Latest News

ශ්‍රී ලංකාවේ උපදින දරුවන් දාහකින් 6 දෙනෙකුට ඇතිවන අවාසනාවන්ත ඉරණමක් ගැන අනාවරණයක්

Published 10 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ උපදින දරුවන් දාහකින් 6 දෙනෙකුගෙන් හෘදය වස්තුව වෙනස් වීමේ අවධානමක් තිබෙන බව වෛද්‍යවරුන් අනාවරණය කර තිබේ.

ශල්‍යකර්මයක් මඟින් එම රෝගී තත්වය සුවපත් කරගත හැකි බව කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ හෘද සහ උරස් ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය මලිත්ද සිලවා මහතා සදහන් කර තිබේ.

බොහෝ විට මෙහිදී හෘදය වස්තුවේ සිදුරක් ඇති වන බවත් ළමා රෝග විශේෂඥයන් මේ බව දැනුම් දුන් පසුව සැත්කම් වලට භාජනය කිරීමෙන් මෙම තත්වය මග හරවා ගත හැකි බව එතුමා සදහන් කර තිබේ.

ඒ වගේම තව දුරටත් එතුමා සදහන් කළේ මේ සදහා හොදම රෝහල රිජ්වේ ළමා ආර්‍යා රෝහල බවයි.

ඒ වගේම මෙම රෝගී තත්වයන්ට ප්‍රධාන වශයෙන් ලේ ඥාතීන් අතර විවාහයන්, ඒ වගේම අඩු වයස් කණ්ඩායම් වල විවාහ ආදියත් මේ සදහා හේතු වී තිබෙන බවත් එතුමා සදහන් කර ඇත.

ඒ වගේම විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ ශල්‍යාගාර 3ක් මේ සදහා වෙන් කර තිබෙන බවයි.

ඒ වගේම වසරකට මෙවැනි සැත්කම් 800ක් පමණ රෝහලේ සිදු කරනු ලබයි . තවද මුල් කාලයේදීම හදුනා ගැනීමෙන් රෝගී තත්වය සුවකරගත හැකිය.

World News

Send your contact Details Today