Latest News

මධුසමයට යන්න හොඳම තැන් අතරට ගාල්ල තේරී පත්වෙයි

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 හොඳම මධු­ස­මය ගම­නාන්ත ස්ථාන 10 අත­රට ශ්‍රී ලංකාවේ ගාල්ල නම් කිරි­මට ලෝක ප්‍රකට Tripadvisor වෙබ් අඩ­විය විසින් පිය­වර ගෙන තිබේ.

මධු­ස­මය ගත කිරී­මට විවා­හක යුවළ විසින් තෝරා ගන්නා ලද ගම­නාන්ත සම්බ­න්ධ­යෙන් වස­රක කාල­යක් දත්ත රැස්කර ගෝලීය පිළි­ගැ­නී­මක් සහි­තව Tripadvisor වෙබ් අඩ­විය විසින් මේ ශ්‍රේණි­ගත කිරීම සිදු කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ගාල්ල ලෝකයේ වඩාත්ම සංකේ­තා­ත්මක ආදර හැඟීම් සහිත ස්ථාන අතර 5 වැනි තැනට නම් කර තිබේ.

පෞරා­ණික උරු­මය, චම­ත්කා­රය සහ වෙර­ළ­බඩ සුන්ද­ර­ත්වය අද්වි­තීය මිශ්‍ර­ණය නිසා ගාල්ල එම ඇඟ­යීම හිමි කර ගෙන තිබේ.

එම වෙබ් අඩ­වියේ ශ්‍රේණි­ගත කිරීම් අනුව ඉන්දු­නී­සි­යාවේ බාලි දූපත හොඳම මධු­ස­මය ගම­නාන්ත අතර පළමු ස්ථානයේ පසු­වෙයි.

අන­තු­රුව පිළි­වෙ­ළින් මොරි­ෂස්මා, මාල­දි­ව­යින, ශාන්ත ලුසියා, දෙක, තුන සහ හත­ර­වැනි ස්ථාන හිමි කර ගෙන ඇත.

6 වැනි ස්ථානය විය­ට්නා­මයේ හියු නග­ර­යට හිමිව ඇත. කැලි­ෆෝ­නි­යාවේ නාපා නිම්නය, පොසි­ටානෝ ඉතා­ලිය, කෙන්යාවේ වටමු සහ ඇන්ටි­ගුවා අනෙ­කුත් ගම­නාන්ත වෙයි.

සංචා­රක සමා­ලෝ­චන මඟින් සම්පූ­ර්ණ­යෙන්ම ගෝලීය පිළි­ගැ­නී­මක් සහිත සංචා­රක මඟ පෙන්වීමේ වෙබ් අඩ­වි­යක් ලෙස Tripadvisor ලොව ප්‍රසි­ද්ධි­යට පත්ව සිටින අතර වෙරළ තීර­යන් සහ බුටික් හෝට­ල්වල සිට ආහාර, සංස්කෘ­තිය සහ අම­තක නොවන භූ දර්ශන දක්වා වූ එකි­නෙ­කට වෙනස්ව තමන් ලද අත්දැ­කීම් ගැන අලුත විවාහ වූ යුවළ විසින් තබා ඇති සට­හන් උප­යෝගී කර ගනි­මින් එම සංචා­රක අත්දැ­කී­ම්වල ගුණා­ත්ම­ක­භා­වය සහ ප්‍රමා­ණය සම්බන්ධව කළ තක්සේ­රු­වක් මෙහි ශ්‍රේණි­ගත කිරීම් සිදු වෙයි.

World News

Send your contact Details Today