Latest News

හිම කුණාටුවක් නිසා අධිවේගී මාර්ගයක මෝටර් රථ සියයකට අධික සංඛ්‍යාවක් එකිනෙක ගැටෙයි

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක මෝටර් රථ සියයකට අධික සංඛ්‍යාවක් එකිනෙක ගැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ එරටට බලපා ඇති හිම කුණාටු තත්ත්වයත් සමඟයි.

ඒ අනුව මිචිගන් ප්‍රාන්තයට බලපා ඇති හිම කුණාටු තත්ත්වයත් සමඟ අධික හිම පතනයක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඒ සමඟම අධිවේගී මාර්ගයක ගමන් කළ මෝටර් රථ ලිස්සා ගොස් සියයකට අධික සංඛ්‍යාවක් එකිනෙක ගැටී තිබේ.

එමෙන්ම එම අධිවේගී මාර්ගයේ ගමන්ගමන කටයුතු ද සම්පූර්ණයෙන් ඇණහිට තිබේ.

එකිනෙක ගැටුණු මෝටර් රථ ඉවත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බවයි වාර්තා වන්නේ.

අනතුර හේතුවෙන් මෝටර් රථ තුළ ගමන් කළ පුද්ගලයින් කිහිප දෙනෙකු ද සුලු තුවාල ලබා ඇති බව සඳහන්.

උතුරු මිනසෝටා, නැගෙනහිර විස්කොන්සින් / ඉන්දියානා, ඔහයෝ, පෙන්සල්වේනියා, නිව්යෝර්ක් යන ප්‍රදේශයන්ට අධික සීත කාලගුණය හා හිම කුණාටු තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එරට කාලගුණ අංශ දැනුම් දෙන්නේ.

World News

Send your contact Details Today