Latest News

ICC විස්සයි 20 ලෝක කුසලානය සියැසින් දැක ගැනීමට ඔබටත් අවස්ථාවක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙම වසරේ පැවැත්වීමට නියමිත ICC විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ලොව පුරා සංචාරය කරමින් සිටින, ලෝක කුසලානය හෙට (21) ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතයි.

ඒ අනුව, ජනවාරි 21 සිට 24 දක්වා දින හතරක් පුරා මෙම කුසලානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර කිහිපයක ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ.

එමෙන්ම, මෙම කුසලාන සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරනු ලබයි.

ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගය අතරතුරදී ක්‍රීඩා ලෝලීන්ට මෙම කුසලානය දැකබලා ගැනීමට අවස්ථාව හිමිවන අතර, පසුව මහනුවර, දඹුල්ල සහ යාපනය යන ප්‍රධාන නගර කරා ද මෙම කුසලානය රැගෙන යාමට නියමිතයි.

World News

Send your contact Details Today