ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර, පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ කඩුළු 1,000ක් දවාගත් 4 වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස අද (19) වාර්තා පොත් අතරට එක්විය.
ඔහු මෙම දක්ෂතාවය දැක්වූයේ මුත්තයියා මුරලිදරන්, රංගන හේරත් සහ දිනුක් හෙට්ටිආරච්චි යන ප්‍රබලයින් තිදෙනාට පමණක් දෙවැනි වෙමින්.
මූවර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරමින් බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති තරගයේදී පසිඳු සූරියබණ්ඩාරගේ කඩුල්ල දවා ගනිමින් ඔහු මෙම 1,000 වැනි කඩුල්ල සම්පූර්ණ කළේය.
ඒ අනුව පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 1,000ක් දවාගත් ලොව 218 වැනි පන්දු යවන්නා ලෙසයි මලින්ද පුෂ්පකුමාර ඉතිහාසයට එක්වන්නේ.
කඩුළු 1,000 සීමාව පසු කළ පන්දු යවන්නන් අතර හොඳම ‘පන්දු යැවීමේ වේගය’ (Strike Rate) පවත්වා ගෙන යන පන්දු යවන්නන් අතර මලින්ද පුෂ්පකුමාර ලොව 11 වැනි ස්ථානයේ පසුවීමද විශේෂත්වයක්.