ඉරාන රජයට එරෙහිව පසුගිය දිනවල පැතිරී ගිය විරෝධතා හේතුවෙන් දහස් සංඛ්‍යාත ජීවිත අහිමි වූ බව එරට ආගමික නායක අයතුල්ලා අලි කමේනි පළමුවරට පිළිගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගියදා ඉරාන ජනතාව අමතා දේශනයක් සිදු කරමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර, සිය පුරවැසියන්ගේ ජීවිත අහිමිවීම වෙනුවෙන් අමෙරිකාවට දොස් පැවැරූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
සති දෙකකට වැඩි කාලයක් ඉරානයේ පැතිරී ගිය විරෝධතා සහ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයන් 3,090ක් ජීවිතක්ෂයට පත්වූ බව අමෙරිකාව කේන්ද්‍ර කරගත් ඉරාන මානව හිමිකම් සංවිධානයක් ප්‍රකාශ කර ඇති අතර, මියගිය ගණන ඊට වැඩි බවට තවත් සංවිධාන කිහිපයක් සඳහන් කළ බව වාර්තා වේ.
කෙසේ වුවද විරෝධතා පැතිරී ගිය කාලයේදී එරට අන්තර්ජාල සම්බන්ධතා අත්හිටුවා තිබූ බැවින් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව නිශ්චිත වශයෙන් තහවුරු කරගැනීමට නොහැකි බව ද වාර්තා වේ.