සිරියානු හමුදා ඇලෙප්පෝ නගරයේ නැගෙනහිර ප්‍රදේශයට ඇතුල්වීම ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ කුර්දි කැරළිකරුවන් ඇලෙප්පෝ නගරයේ නැගෙනහිර ප්‍රදේශයෙන් ඉවත්වීමත් සමඟයි.
ඇලෙප්පෝ නගරයට කිලෝමීටර් 50ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා ඇති ඩෙයර් හේපර් නගරය මේ වන විට සිරියානු හමුදා භාරයේ පවතියි.
කුර්දි කැරළිකරුවන් යුක්‍රටීස් ගංගාවට නැගෙනහිරින් වන ප්‍රදේශයට ගමන් කරන බව පසුගිය සිකුරාදා නිවේදනය කළේය.
ඇමෙරිකා බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව හා සිරියා ජනාධිපති අහමඩ් අල්ශාරා ලබාදුන් පොරොන්දුවක් මතයි කුර්දි කැරළිකරුවන් එම ප්‍රදේශයෙන් ඉවත්වී ඇත්තේ.