Latest News

එංගලන්තයට එරෙහි තරගාවලියෙන් ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු ඉවතට – ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Published 13 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත T20I තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

එහිදී ප්‍රබල පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර සංචිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා මෙම ක්‍රීඩකයින් දෙදෙනාගේ සහභාගීත්වය පිළිබඳව මේ සමග ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වී ඇති බව සඳහන්.

මේ අනුව දසුන් ශානක විසින් කණ්ඩායම මෙහෙයවනු ලබයි.

පාකිස්ථානයට එරෙහිව පැවති විස්සයි විස්ස තරගාවලියට කැඳවා තිබූ ධනංජය ද සිල්වා, එංගලන්තයට එරෙහි එක්දින සංචිතයට මෙන්ම විස්සයි විස්ස සංචිතයට ද ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයට දසුන් ශානක (නායක) පැතුම් නිශ්ශංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, ට්‍රැවීන් මැතිව්, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, එෂාන් මාලිංග ඇතුළත්.

මෙම සංචිතය නම් කර ඇත්තේ ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම තවදුරටත් ශක්තිමත් කිරීමේ පියවරක් වශයෙනුයි.

කෙසේ වෙතත්, කුසල් ජනිත් සහ නුවන් තුෂාර ඉවත් කිරීමට හේතුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

World News

Send your contact Details Today