හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කලක් රෝගාතුර වූ ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) අලුයම අභාවප්‍රාප්ත වී ඇත්තේ.
මිය යන විට ඒ මහතා 63 වියේ පසු වුණා.
ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන සාමාජිකයෙකු වූ ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණයටද ඉදිරිපත් වූ අයෙක්.
පසු කලෙක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු වැඩබලන තැපැල් හා විදුලි සංදේශ සහ සංචාරක අමාත්‍ය ධුරයට පත් විය.