Latest News

පුද්ගලයින් 07 දෙනෙකුට දිවි අහිමි කරමින් වෙඩික්කරුවෙකු පළායයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදි තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙම වෙඩි තැබීම සිදු කළ තුවක්කුකරු වෙඩි ප්‍රහාරය එල්ල කර එම ස්ථානයෙන් පළාගොස් තිබේ.

කප්පම් ලබා ගැනීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි එරට පොලීසිය සැක පළ කරන්නේ.

සැකකරු සොයා පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

සංවිධනාත්මක අපරාධ කල්ලි විසින් මෙහෙයවන අපරාධ දකුණු අප්‍රිකාවේ වර්තමානයේදී ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසන්නේ.

World News

Send your contact Details Today