Latest News

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් නව ලෝක වාර්තාවක්

Published 13 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 යොවුන් එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය මේ වන විට ජපානය සමඟ නෑම්බියාවේදී පැවැත්වෙයි.

තරගයේ කාසිය වාසිය හිමිකර ගත් ජපානයේ යොවුන් කණ්ඩායම පලමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරනු ලැබුවේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම ඇරඹු විරාන් චමුදිත සහ දිමන්ත මහවිතාන විසින් ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල සඳහා ලකුණු 328ක සම්බන්දතාවයක් ගොඩනැගුවේ ලෝක වාර්තාවක් ද පිහිටුවමින්.

එම ලකුණු 328 සම්බන්දතාවය යොවුන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩ නැගුනු විශාලම සම්බන්දතාවය බවට පත්විය.

සම්බන්ධතාවයේ වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගත් විරාන් චමුදිත ශ්‍රී ලංකව වෙනුවෙන් යොවුන් එක්දින තරගයකදී ක්‍රීඩකයෙක් රැස් කර ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරේ ලකුණු 192ක් පන්දු 143ක් තුළදී රැස්කර ගනිමින්.

එමෙන්ම ඔහුට අනෙක් අනාතයෙන් මනා සහයෝගයක් ලබාදුන් දිමන්ත මහවිතානද ලකුණු 115ක් රැස්කර ගත්තේ පන්දු 125ක් වැය කරමින්.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පන්දු වාර කිහිපයේදී වේගවත් ඉනිමක් දියත් කළ ශ්‍රී ලංකා නායක විමත් දිනසර ද ලකුණු 44ක් රැස්ක‍ර ගනු ලැබුවේ පන්දු 24ක් පමණක් මුහුණ දීමෙනුයි.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 387ක් රැස් කරගෙන ඇත්තේ කඩුලු 04ක් දැවී යාමෙන් අනතුරුවයි.

World News

Send your contact Details Today