Latest News

ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශයට හදිසි ආපදා තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

Published 14 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශයට හදිසි ආපදා තත්ත්වයක් පිළිබඳ අනතුරු අඟවා තිබේ.

ඒ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට ගංවතුර හා ලැව්ගිනි හේතුවෙන් ඇති විය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳවයි.

ඉදිරියේ දී ඇති වන අධික වර්ෂාපතනයත් සමග හදිසි ගංවතුර තත්ත්වයක් ඇති විමේ අවදානමක් මතුව තිබේ.

දරුණු ලැව්ගිනි තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා සූදානම් වන ලෙස එරට බලධාරීන් ජනතාවට දැනුම්දී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

අද පෙරවරුවෙන් අවසන් වු ගත වු පැය 24 තුළ මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසකට මිලි මීටර් 186ක වර්ෂාපතනයක් ඇද හැලුණි.

වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව්ගිනි 10ක් පමණ මේ වන විට සක්‍රීය වීම හේතුවෙන් නිවාස හා ගොඩනැගිලි 289ක් පමණ විනාශ වී තිබේ.

World News

Send your contact Details Today