Latest News

“එමලි පිට­පත ලියද්දි කලාව අහිමි වීමේ කම්ප­නය නැති වුණා” – සම්පත් ශ්‍රී රෝෂන්

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජීවිතේ ලස්ස­නයි හි පන්සිළු විදි­යට අසී­මිත ප්‍රේක්ෂක ආදරේ දිනා­ගත් සම්පත් ශ්‍රී රෝෂන් මේ වෙද්දි අපට පුංචි තිරෙන් දකින්න ලැබෙන්නේ නැහැ. ‘ජුලියා’ සින­මා­ප­ටය හරහා සිනමා අධ්‍ය­ක්ෂ­ණ­යට පිවිසි සම්පත් මේ වන විට සිය දෙවැනි සිනමා නිර්මා­ණය වන ‘එමලි’ හි වැඩ අව­සන් කර තිබෙ­නවා. ඒ එක්කම සම්පත් ශ්‍රී රෝෂන් විසින් අධ්‍ය­ක්ෂ­ණය කරනු ලබන නව­තම සිනමා නිර්මා­ණය වන ‘FIN’ (වරල්) හි මුහු­රත් උලෙළ ද පසු­ගි­යදා පැවැ­ත්වුණා. ඒ වෙනු­වෙන් ලංකා­වට පැමිණි සිටින අත­ර­තුර අප ඔහු කෙටි පිළි­ස­ඳ­ර­කට එක්කර ගත්තා.

ජීවිතේ කොහො­මද?

ජීවිතේ එදා ඉඳන්ම කලාව එක්කයි ගත­වෙන්නේ. ඒ නිසා කොහේ ගියත් ඉන් මිදිලා ඉන්න අමා­රුයි. නිත­රම නාට්‍ය, චිත්‍ර­පට නොකෙ­රු­ණත් ඒ සුන්ද­ර­ත්වය එක්කම තමයි ජීවිතේ ගත වෙන්නේ.

අන්ති­මට කරපු ටෙලි නාට්‍යය මොකක්ද?

සිරස නාලි­කාවේ විකා­ශය වුණු ‘ආදරේ ගින්ද­රක්’ ටෙලි නාට්‍යය.

කලා­වට ආව ගම­නත් ලෙහෙසි පහසු නැහැ නේද?

මම ඉස්සර පාසල් යන කාලේ නුවර බෑන්ඩ් එකක බේස් ගිටා­රිස් කෙනෙක්. ඊට පස්සේ මම කලා­වට ඇවිත් සහාය අධ්‍ය­ක්ෂ­ව­ර­යෙක් විදි­යට වැඩ කරලා, මීදියාවල වැඩ කරලා, රංග­න­යට ඇවිත් ඉන්පසු අධ්‍ය­ක්ෂ­ණ­යට ආව ලොකු ගම­නක් තියෙන්නේ.

ප්‍රියන්ත දිසා­නා­යක හමු­වීම ඔබේ ජීවිතේ වෙනස් කළේ කොහො­මද?

නුවර බෑන්ඩ් එකේ කැසට් කව­ර­යට ෆොටෝ ගන්න දවසේ මේකප් කරන්න ආවේ ප්‍රියන්ත. අපි ඉක්ම­නින්ම සුහද වුණා. ඔහු කිව්වා, ටෙලි නාට්‍ය, චිත්‍ර­පට කර­නවා කියලා. ඒ වෙද්දීත් මම ස්ක්‍රිප්ට් ලියන්න පටන් අරන් තිබුණේ. මම ප්‍රිය­න්ත­ගෙන් ඇහුවා කොහො­මද ඔය ක්ෂේත්‍ර­යට එන්නේ කියලා. එයා මට කිව්වා, විෂය හැදෑ­රී­මෙන් හෝ ක්ෂේත්‍රයේ වැඩ කර­මින් පිරිස එක්ක ගැටු­ණොත් ඔයාට සෑහෙන දේවල් ටිකක් අල්ල­ගන්න පුළු­වන් කියලා. මගේ වාස­නා­වට ප්‍රියන්ත මාව මැක්ලි ෆිල්ම් ආය­ත­න­යට යොමු කළා. එතැ­නින් මම සෑහෙන දේවල් ඉගෙන ගත්තා. මට ඒ මුල හදලා දුන්නේ ප්‍රියන්ත දිසා­නා­යක.

ඔබ දැන් ජීවත් වෙන්නේ කොහෙද?

2018දී මම ඔස්ට්‍රේ­ලි­යා­වට ගියා. දැන් මම ඉන්නේ මෙල්බ­ර්න්වල. ඒ එක්කම මම විවාහ වුණා. ප්‍රමොදී මගේ බිරිය, එයත් එහෙ රැකි­යා­වක් කර­නවා. මමත් ව්‍යාපා­ර­යක් කර­නවා. දැන් අපිට දුවෙක් ඉන්නවා. පවු­ලක් විදි­හට සාර්ථ­කව ජීවිතේ ගෙනි­ය­නවා.

පිට­රට යන්න හිතුවේ ඇයි?

දව­සක රට­කට ගිහින් ජීවත් වෙන්න ඕනේ, අනා­ග­තයේ දව­සක මගේ දරු­වන්ට ඒක හොඳ වෙයි කියන අද­හස ඉස්සර ඉඳන් මගේ හිතේ තිබුණා. ලංකාවේ ජීවි­තේට වඩා ආර්ථි­ක­මය මට්ට­මින් ස්ථාවර කර ගන්න සිතී­මත් එක හේතු­වක්.

ඔබ රට හැර යන්නේ නළු­වෙක් විදි­යට ස්ථාවර වේගෙන එන­කො­ට­මයි. ඒ දේ දැනුණේ කොහො­මද?

මම ලංකා­වෙන් යන දව­සට කලි­නුත් රූගත කිරී­ම­කට ඉඳලා ගියේ. එදා මම ෆ්ලයිට් එකේ යද්දී මට හිතුණා, මම මේ යන්නේ ආයේ කාලෙ­කින් එන්න නෙවෙ­යිනේ කියලා. ඒ හැඟීම ඇත්ත­ටම දරා­ගන්න හරි අමාරු වුණා. එහෙ ගිහි­ල්ලත් මම මගේ යාළු­වන්ට නිත­රම කෝල් කළා. ඒ තරම් දරාගන්න අමාරු කාල­යක් තිබුණා. ඊට පස්සේ මම මගේ ඊළඟ සිනමා නිර්මා­ණය වන ‘එමලි’ හි පිට­පත ලියන්න ගත්තා. එත­කොට අර මට තිබුණු කලාව අහිමි වීමේ කම්පනය ටිකෙන් ටික නැතිව ගියා.

එමලි ගැනත් අපි කතා කරමු?

එමලි සම්පු­ර්ණ­යෙන්ම රූගත කළේ ලංකාවේ. මේක ආද­ර­යත් මුසු වුණු හොල්මන් කතා­වක්. මේ වෙද්දී 75%ක් විතර වැඩ අව­සන් වෙලා තියෙන්නේ. මේ මොහොතේ එහි පසු නිෂ්පා­දන කට­යුතු සිදු වෙමින් තියෙ­නවා. නදීෂා හේම­මාලි, උමාලි තිල­ක­රත්න, ටනාෂා, දේවා සහ අචල වල්පොල වැනි ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා.

ඔබ තුන්වැනි නිර්මා­ණ­ය­ටත් මුල පිරුවා නේද?

ඔව්, එහි නම ‘වරල්’…වෙනස් වූ වැඩක්. මම කැමැ­තියි එකි­නෙ­කට වෙනස් නිර්මාණ කරන්න.

ටෙලි නාට්‍ය කරන්න කැමැ­ත්තක් නැද්ද?

රංගන ශිල්පි­යෙක් විදි­යට රඟපෑ ටෙලි නිර්මාණ රැසක් තිබුණා. ඒ වගේම ටෙලි නාට්‍ය 10ක් මම අධ්‍ය­ක්ෂ­ණය කළා. කොටස් 16ක ටෙලි නාට්‍ය­යක් ලියාගෙන ඉන්නවා. තාම ඒ වෙනු­වෙන් කාල­යක් හොයා­ගන්න බැරුව ඉන්නේ.

ඇත්ත ජීවි­තේදී ඔබ මොන වගේ කෙනෙක්ද?

මම සතු­ටින් සැහැ­ල්ලු­වෙන් ඉන්න කැමැති කෙනෙක්. නමුත් මට අසා­ධා­ර­ණ­යක් කළොත් ඒකට එරෙ­හිව නැඟී ඉන්නවා, එහෙම නැත්නම් එක කන­කින් අහලා අනිත් කනෙන් අයින් කරලා පාඩුවේ ඉන්නවා.

World News

Send your contact Details Today