Latest News

දුෂ්මන්ත චමීරට එංගලන්ත තරගාවලියට යාමට නොහැකි වෙයි?

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට එළැඹෙන එංගලන්ත ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙන බවට වාර්තා වේ.

ඒ අනුව සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර ඇත්තේ ආබාධයක් හේතුවෙන් ඔහු මෙම තරගාවලියේදී විවේක ගන්නා ඇති බවයි.

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග ලබන 22 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට හිමිව ඇති අතර, එම සංචිතයට ක්‍රීඩකයින් 15 ඇතුළත් බවයි අදාළ වාර්තාවල දැක්වෙන්නේ.

පාකිස්ථානය සමග අවසන් වූ විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා නොකළ දුෂාන් හේමන්ත සහ දුනිත් වෙල්ලාලගේ ද මෙම සංචිතයට ඇතුළත්.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා සංචිතය තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කර නොමැත.

World News

Send your contact Details Today