චීනයේ බීජිං නුවර සිට ශ්‍රී ලංකාවේ කටුනායක දක්වා නව සෘජු ගුවන් ගමනක් ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.
ඒ චීනයේ කැපිටල් ගුවන් සේවය විසින්.
මෙම නව ගුවන් මාර්ගය දෙරටේම සමාජීය හා ආර්ථික සංවර්ධනයට දායක වනු ඇති බව දෙපාර්ශ්වය විශ්වාස කරයි.
බීජිං – කොළඹ සේවාව ගුවන් සේවා වෙළඳපොලේ දිගුකාලීන පරතරයක් පුරවා ඇති අතර වඩාත් පහසු සංචාරක විකල්ප ලබා දෙන අතරම ආර්ථික, වෙළඳ, සංස්කෘතික සහ සංචාරක සංවර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කරනු ඇත.