Latest News

ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාරගේ අවසන් කටයුතු අදයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන හා වාදන ශිල්පී රාජු බණ්ඩාරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (17) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදි සිදු කිරීමට නියමිතයි.

මේ වන විට ඔහුගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.

කලක් රෝගාතුරව සිටි රාජු බණ්ඩාර පෙරේදා රාත්‍රියේ අභාවප්‍රාප්ත වනවිට 65 හැවිරිදි වියේ පසුවිය.

1960 වසරේ අප්‍රේල් 14 වැනිදා කෑගල්ලේදී උපන් ඔහු, මෙරට බිහිවූ අති දක්ෂ ගිටාර් වාදකයෙක් වන අතර මෙරට කණ්ඩායම් සංගීතය තුළ සිය අනන්‍ය ලකුණ සනිටුහන් කළ ඔහු, මදාරා, ෆෝචූන් වැනි සංගීත කණ්ඩායම්වල නිත්‍ය සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය.

World News

Send your contact Details Today