Latest News

එක් අයෙකුට දිවි අහිමිකර, මල් කැකුළු දෙකක් රෝහලට යැවූ ජින්තුපිටියේ වෙඩිල්ල

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊයේ (16) රාත්‍රියේ ජින්තුපිටිය 125 වත්ත ප්‍රදේශයේදී සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ඡීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු කොළඔ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලීසිය නිවෙිදනය කළේ.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවෙි අසල සිටි අවුරැදු 04ක කුඩා පිරිමි දරුවෙකු සහ අවුරැදු 03ක ගැහැණු දරුවෙකුටද වෙඩි වැදී ඇති අතර ඔවුන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති බවද පොලීසීය ප්‍රකාශ කළේය.

මියගිය පුද්ගලයා අවුරැදු 44ක් වු කොළඔ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකරැවන් පිරිසක් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවටද පොලීසිය සදහන් කළේය.

වෙරළබඩ පොලිස් ස්ථානය සහ කොළඔ උතුර කොටිඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් පොලිස් කණ්ඩායම් 03ක් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මෙම සිද්ධිය පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි.

World News

Send your contact Details Today