අමෙරිකාව විසින් තායිවානයට පනවා ඇති තීරුබදු අඩු කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව ආයෝජන ප්රතිඥා හේතුවෙන් තායිලන්තයේ ආනයනය කරන භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු සියයට 15 දක්වා පහත දමන බවයි අමෙරිකාව නිවේදනය කරන්නේ.
තායිවානයේ තාක්ෂණික ක්ෂේත්රය මූලික කර ගනිමින් ඩොලර් මිලියන 250ක සෘජු ආයෝජන සිදුකිරීමට නියමිත බව ඇමෙරිකා වාණිජ දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් තීරුබදු සීමා පහත දමා ඇති අතර මෝටර් රථ හා ස්මාර්ට් ජංගම දුරකතන සඳහා භාවිත කෙරෙන අර්ධ සන්නායක නිෂ්පාදනය සඳහා තායිවානය මෙම ආයෝජන සිදු කරන බවද සඳහන්.
පසුගිය වසරවලදී තාක්ෂණික ක්ෂේත්රයන් වෙනුවෙන් ඇමෙරිකාව ඩොලර් බිලියන ගණනක සිදු කරනු ලැබුවේය.