Latest News

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැදී සිටි ගඟනගාමීන් සිව් දෙනෙකු නැවත පෘතුවියට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැදී සිටි ගඟනගාමීන් සිව් දෙනෙකු නැවත පෘතුවියට යළි ගොඩබැස තිබේ.

මාසයක් වැනි කෙටි කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැදී සිටි එම ගඟනගාමීන් සිව් දෙනා එලෙස යළි පෘතුවිය වෙත පැමිණ ඇත්තේ එක් ගඟනගාමියෙකුට ඇති වූ සෞඛ්‍ය ගැටලුවක් හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

එම ගඟනගාමියා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව NASA ආයතනයේ පරිපාලක ජැරඩ් අයිසෙක්මන් මාධ්‍ය හමුවකදී පවසා තිබේ.

1998 වසරේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘතුවි කක්‍ෂයට ඇතුළත් කිරීමෙන් පසු සෞඛ්‍ය ගැටළුවක් හේතුවෙන් ගඟනගාමීන් පිරිසක් ඉවත් කළ පළමු අවස්ථාව මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

World News

Send your contact Details Today