Latest News

මරියාට ලැබුණු නොබෙල් සාම ත්‍යාගය, ට්‍රම්ප්ට පිරිනමයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝට හිමිවූ නොබෙල් සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා තිබේ.

ඒ වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ ඊයේ (15) දිනයේ ධවල මන්දිරයේ දී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවූ අවස්ථාවේදීයි.

පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායිකාව පවාසා සිටියේ වෙනිසියුලානු ජනතාවගේ නිදහස වෙනුවෙන් ට්‍රම්ප් සිදුකළ කැපවීම අගයමින් මෙම පරිත්‍යාගය සිදු කළ බවයි.

පැවති හමුවෙන් අනතුරුව පසුව ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය වෙත ටහනක් තබමින් පවසා ඇත්තේ “මරියා මැචාඩෝව අපූරු කාන්තාවක්, ඇයව හමුවීමට ලැබීම මගේ මහත් ගෞරවයක්. ඇය බොහෝ දේ අත්විඳ ඇති අපූරු කාන්තාවක්. මා කළ කාර්යය වෙනුවෙන් මාරියා මට ඇගේ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුවා. අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ අපූරු ඉරියව්වක්,” බවයි.

ඒ අනුව වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝට හිමිවූ නොබෙල් සාම ත්‍යාගය තමා සන්තකයේ තබා ගැනීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙන බව ධවල මන්දිරය නිවේදනය කළේය.

World News

Send your contact Details Today