ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු හා වංචා කිරීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ කාන්තාවක් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් පුද්ගල ඝාතන සිද්ධින් කිහිපයක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි අය බවයි පොලිසිය පැවසුවේ.
ඔවුන් තිදෙනා අතර හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට කඳානේදී වෙඩිතැබීමේ සිද්ධිය මෙහෙයවූ රංජිත් කුමාර හෙවත් “කොණ්ඩ රංජි” නම් අපරාධකරුගේ ප්‍රධානතම ගෝලයා වන චූටි මල්ලී නැමැත්තාද සිටින බවට වාර්තා වෙයි.
එසේම ඇල්පිටියේ සිදු වූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ ඌරගත ඉන්දික නම් අපරාධකරුගේ සමීපතමයෙක්වන රවීන් චමින්ද වීරසිංහ හෙවත් “පුංචා” නම් අපරාධකරු ද ඒ අතර වන බවයි පොලිසිය පැවසුවේ.
එමෙන්ම මෙහිදී වංචා රැසකට සම්බන්ධව සිටින කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මෙරට තුළ සිදුකළ වංචා සිද්ධීන් රැසකට පොලිසියට අවශ්‍යව සිටින සැකකාරියක බවද පොලීසිය සඳහන් කළේය.
ඒ අනුව මෙම තිදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.