විස්සයි විස්ස ලෝක කුසලාන එංගලන්ත සංචිතයට ඇතුලත්ව සිටින පාකිස්ථාන සම්භවයක් සහිත අදිල් රෂීඩ් සහ රෙහාන් අහමඩ්ට ඉන්දියාවට ඇතුලුවීම සඳහා මෙතෙක් අවසර ලැබී නොමැති බව වාර්තා වෙයි.
ලෝක කුසලානයට පෙර එංගලන්ත කණ්ඩායම ශ්‍ර්‍රීි ලංකාවේ සිදුකරන සංචාරයට ද ඔවුන් දෙදෙනා ඇතුලත් නොවනු ඇති බවයි ක්‍රීඩා වාර්තාවල දැක්වෙන්නේ.
මේ වන විට ලොව බෝහෝ කණ්ඩායම්වල පාකිස්ථාන සම්භවයක් සහිත ක්‍රිඩකයින්ට ඉන්දියානු විසා ලබා ගැනීමේ ගැටලුවක් පවතින බව එම වාර්තාවල සඳහන්.